ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් යටතේ මෙරට වහලවල සූර්ය පැනල සවි කිරීම සදහා යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදල මේ වන ඩොලර් නොමැති වීම හේතුවෙන් පවතින දැඩි ඖෂධ ගිහිය වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමට යොදා ගැනීමට රජය විසින් කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර පැවැත්විණි.
මේ වන විට ශ්‍රී ලංකාවට 80%ක්ම ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන් වන අතර එනිසා මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සදහා යොදවනු බව රඹුක්වැල්ල මහතා පවසයි.
සති අන්ත The Sunday Morning පුවත්පතට අදහස් දක්වමින් තවදුරටත් ඔහු පවසා තිබුණේ ඩොලර් අර්බුදය විසදෙන තුරු රජය විසින් ඖෂධ සහ ඉන්ධන ආනයනයට ප්‍රමුඛතාව දී ඇති බවයි. එම නිසා ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් පහසුකම ඖෂධ ආනයනය සදහා යොදා ගන්නා බවත් රඹුක්වැල්ල මහතා පවසයි.
ඉදිරි මාස 06 සදහා අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 132ක් අවශ්‍ය වේ.
