දිවි සැරිය නිමවූ හස්ති රාජ

by admindasun
0 comment 72 views

වසර 13ක් පුරා ශ්‍රී දළදා වහන්සේ වැඩමවූ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා අද අළුයම ජීවිතයෙන් සමු ගෙන ඇත.

මේ වන විට වයස අවුරුදු 69ක් වන නැදුන්ගමුවේ රාජා අවසන් වරට පසුගිය වසරේ දළදා කරඩුව වැඩමවූ අතර එහිදී දමන ලද පාවාඩයක් නිවැරදිව සකස් කර ගෙන ඒ මතින් ගමන් කරන අයුරු මහත් සේ පැසසුමට ලක් විය.

ශ්‍රී දළදා මාළිගාවේ සදාතන කරඩුව වැඩම කළ රාජා හස්තියාගෙන් පසු වැඩිම කාලයක් කරඩුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා මීරිගම වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසේ පදිංචිව සිටියේය.

අසනීප තත්ත්වයෙන් පසු වුවද පසුගිය දළදා පෙරහැරට සහභාගී වීම සදහාත් මෙම හස්ති රාජයා මීරිගම සිට මහනුවර ලබා ගමන් කළේ පා ගමනිනි.

1954 දී ඉන්දියාවේ මයිසූර්වලදී උපත ලත් නැදුන්ගමුවේ රාජා පිළියන්දළ නීලම්මහර පන්සලේ හාමුදුරුවන් වහන්සේට මයිසූර්වල මහරාජා විසින් ලෙඩෙකු සුවපත් කිරීමට කෘතගුණ සැලකීමක් ලෙස තවත් ඇත් පැටවකු සමග තෑගි කර ඇත. අනෙක් ඇත් පැටවා ගංගාරාම පන්සලේ වාසය කළ නවම් රාජා නැමැති හස්තියාය.

රාජා හස්තියාගේ දෙවන හිමිකරු වූ හොරණ ප්‍රදේශයේ සිටි අයෙකුගෙන් නැදුන්ගමුව වෙද පරපුරේ ධර්මවිජය වෙද රාළහාමි විසින් 1970 දී පමණ ඇතා හිමිකර ගෙන ඇති අතර පසුව නැදුන්ගමුව නම්වූ එම ගමේ නමින් නැදුන්ගමුවේ රාජා ලෙස මෙම හස්තියා ප්‍රචලිත විය.

ශ්‍රී දළදා මාලිගාවේ කරඩුව වැඩමවූ රාජා හස්තියා මිය යාමෙන් පසු ඒ සදහා තෝරා ගැණුනේ නැදුන්ගමුවේ හස්ති රාජයාය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment