ඖෂධ හිගයක් අත ළග?

by admindasun
0 comment 34 views

මේ වන විට පවතින තොග පිළිබදව සලකා බැලූ විට මෙරට ඇති ඖෂධ තොග මාස 03කින් පමණ අවසන් වන අතර නව තොග තවමත් ඇණවුම් කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ථ ලංකා පෞද්ගලික ඔසුසල් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පැවසුවේ මේ වන විටත් රටේ 5%ක පමණ ඖෂධ හිගයක් පවතින බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව දැනට පවතින ඖෂධ හිගය නිසා මෙරට ෆාමසිවල මේ වන විට පාරිභෝගිකයන් ඉල්ලා සිටින වෙළෙද නාමයෙන්ම ඖෂධ නිකුත් කිරීමේ හැකියාවක් නොමැති වී අතර ඒ සදහා වෙනත් ආදේශක වෙළෙද නාමයකින් යුතු ඖෂධ නිකුත් කෙරෙන බවයි.

දැනට රටේ පවතින ඩොල්ර් හිගය හේතුවෙන් ඖෂධ ආනයනය කිරීමත් සීමා වී ඇති අතර සමහර ඖෂධවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇත. එහෙත් රට තුළ එම ඖෂධවලට පවතින පාලන මිල හේතුවෙන් වැඩි මිලට ආනයන කර එම ඖෂධ මෙරට තුළ අලෙවි කිරීමේ හැකියාවක් ඔවුන්ට නැති බවද ගන්කන්ද මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් රජය විසින් ඉක්මන් විසදුමක් නොගතහොත් සිමෙන්ති, ගෑස් හිගය මෙන් නොව ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment