ජල සම්පාදන මණ්ඩලයත් ණය වෙයි

by admindasun
0 comment 50 views

අනවශ්‍ය ලෙස වානිජ ණය ලබා ගැනීම නිසා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයද මේ වන පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇති බව ජලසම්පාදන හා ජලාපවාහන සේවක සංගමය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ පසුගිය වසරේ සිට මෙරට වාණිජ බැංකුවලින් ණය ගැනීම නිසා මේ වන විට ජල සම්පාදන මණ්ඩලයද භාණ්ඩාගාරයට බරක් වී ඇති බවයි.

කෙසේ වෙතත් නව ව්‍යාපෘතිවලට ණය ගැනීමට පෙරම ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ණය ලබා ගැනීමේ හැකියාව කොන්ත්‍රාත්තරුටම ලබා දීමටත් සැරසෙන බවට රත්නායක මහතා චෝදනා කළේය.

විෂය භාර අමාත්‍යවරයා වන වාසුදේව නානායක්කාර මහතා යුගදනවි ව්‍යාපෘතියට එරෙහිව උසාවියට ගියද තමාගේම අමාත්‍යංශයේ සිදුවන දූෂණ වංචා පිළිබදව සොයා බැලීමක් සිදු නොකරන බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදීද හෙළි කරන අතර මෙම වංචාසහගත කටයුතු නැවැත්වීමට වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment