OPPO නවතම Find x5 Series හඳුන්වා දෙයි

by admindasun
0 comment 15 views

ලොව ජංගම දුරකථන හා උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන OPPO සමාගම පසුගියදා Find X5 දුරකථන මාලාව වෙළඳපොළට හඳුන්වා දුන්නේ ය. මෙම දුරකථන එකතුව OPPO දුරකථන මාදිලි අතර ඉහළම මාදිලි එකතුව ලෙස සැලකේ. අතිනවීන නිමාවක් සහ විශේෂාංග රැසක් සමගින් පැමිණෙන මෙම දුරකථන, ලොව ස්මාර්ට් දුරකථන ලොවේ නවතම පෙරළිය බවට පත්වනු ඇත.

ස්මාර්ට්ෆෝන් වලින් වීඩියෝ දර්ශන ලබාගැනීමේදී මෙතෙක් පැවති බරපතළ බාධාවක් වූ රාත්‍රී දර්ශන සම්බන්ධ ගැටලුව ජයගැනීම වෙනුවෙන්ම සැලසුම් කළ Neural Processing ඒකකයක්, MX766 කැමරා පද්ධතියක්, අධිවේගී 5G සම්බන්ධතාව සහ SUPERVOOC Flash Charging තාක්ෂණය ඇතුළු විශේෂාංග රාශියක් මීට ඇතුළත් වේ.

“Find X5 යනු Find X දුරකථන මාලාව නව මානයකට රැගෙන යන දුරකථන එකතුවක්. නිමාව, ඡායාරූපකරණය, බැටරි තාක්ෂණය සහ ක්‍රියාකාරීත්වය යනාදී අංශ සියල්ල අතින් එය දුරකථන ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරන නිපැයුමක් බවට පත්වේවි.” OPPO සමාගමේ සභාපති (ගෝලීය අලෙවිකරණ) විලියම් ලියු මහතා පැවසී ය.

රාත්‍රී කාලයේ වීඩියෝ දර්ශන ලබාගැනීම යනු ස්මාර්ට්ෆෝන් තාක්ෂණයට දීර්ඝ කාලයක පටන් මුහුණ දීමට සිදුවූ ගැටලුවකි. මීට විසඳුමක් ලෙස Find X5 දුරකථන වලට ඇතුළත් කර ඇති imaging NPU තාක්ෂණයක් වන MariSilicon X රාත්‍රියේදී පවා සුපැහැදිලි දර්ශන ලබාගැනීමට උපකාරී වෙයි.

Wide සහ ultra-wide කැමරා පද්ධතිය සහ 4K Ultra Night Video capturing හැකියාව සමගින් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම wide සහ ultra-wide ඡායාරූපකරණ හැකියාව Find X5 දුරකථන සතු ය.

OPPO සමාගම Sony සමග එක්ව Find X5 Pro හි ඉදිරිපස කැමරාවේ IMX709 සෙන්සරය වැඩිදියුණු කර තිබේ. සෙල්ෆි ඡායාරූප වඩාත් විශිෂ්ට මට්ටමකට ගෙන ඒම සඳහා එහි MariSilicon X යොදා ඇත. සෙල්ෆි ඡායාරූප වල වර්ණය හා ආලෝක තත්ත්වයන් වැඩිදියුණු කිරීමට අමතරව, ඡායාරූපයට පෙනී සිටින පිරිස වැඩිවන විට ස්වයංක්‍රීයව අංශක 80 – 90 පුළුල් කෝණයකට මාරු වීමේ හැකියාව එය සතු ය.

Find X5 Pro මාදිලියට යොදා ඇත්තේ අඟල් 6.7 ultra-clear curved AMOLED දර්ශන තිරයකි. WQHD+ resolution සහ 100% P3 colour gamut coverage සමග Find X5 Pro හි 10-bit තිරය වර්ණ බිලියනකට වඩා ප්‍රදර්ශනය කිරීමට සමත් වේ.

යම් යම් ආලෝකයන්ට පමණට වඩා නිරාවරණය වීම ඇසට වෙහෙසකර ය. මීට විසඳුමක් වශයෙන් OPPO එම Find X5 Pro මාදිලියට 8192-level screen dimming ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර, එය ඇසේ කළු ඉංගිරියාව ආලෝකයන්ට හැඩගැසෙන වේගය අනුව එකිනෙකට වෙනස් අලෝක තත්ත්වයන් ගැළපීම සිදුකරයි.

නවතම multicore Snapdragon 8 Gen 1 ප්‍රොසෙසරය නිසා Find X5 Pro මාදිලියට සංකීර්ණතම ක්‍රීඩා සහ යෙදුම් පවා මැනවින් හසුරුවා ගැනීමට හැකියාව ලැබී ඇත. සංයුක්ත 4nm නිෂ්පාදන ක්‍රියාවලියක් මූලික කරගත් Qualcommys integrated 2022 නව GPU, එහි AI හැකියාවන්ට අමතරව පෙර මාදිලියට වඩා 30% ක් වැඩි ක්‍රියාකාරීත්වයක් සහ 25% ක් වැඩි බලශක්ති කාර්යක්ෂමතාවක් ලබාදෙයි.

මේ ආකාරයට ඉහළම මට්ටමේ කාර්යක්ෂමතාවක් ලබාදුන්නද, Find X5 Pro මාදිලියට ඉහළ බලශක්ති කළමනාකරණ හැකියාවක් සමගින් වැඩි බැටරි ආයුකාලයක් ලබාදීමට OPPO සමත් වී ඇත. Find X3 Pro මාදිලියට සාපේක්ෂව නව මාදිලියේ 5000mAh dual-cell බැටරියේ ධාරිතාව 11% කින් ඉහළ ගොස් තිබේ.

80W SUPERVOOC Flash-charging තාක්ෂණය නිසා Find X5 Pro දුරකථනය 0 සිට 50% දක්වා මිනිත්තු 12 කින් ආරෝපණය කළ හැකි අතර, 50W AIR VOOC සමග එය විනාඩි 47 ක් වැනි සුළු කාලයකදී 100% දක්වා ආරෝපණය වේ.

එමෙන්ම ColorOS 12.1 මෙහෙයුම් පද්ධතිය, Find X5 Pro භාවිතය වඩාත් සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment