පී බී වෙනුවට ගාමිණී සෙනරත්?

by admindasun
0 comment 55 views

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ආචාර්ය ජයසුන්දරගේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවටත් එම තොරතුරු තවදුරටත් තහවුරු කරයි.

තවද මීළග ජනාධිපති ලේකම් ලෙස වර්තමාන අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස 2019 වසරේදී පත්වීමට පෙර සෙනරත් මහතා 2015 වසරට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ජනාධිපති අතිරේක ලේකම් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment