අධ්‍යාපන ඇමැති ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයට

by admindasun
0 comment 18 views

මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ලබාදෙන දායකත්වය සහ සිදුකරන කාර්යභාරය සම්බන්ධයෙන් සොයාබැලීමට අධ්‍යාපන විෂයභාර කැබිනට් අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඊයේ (22) ජාතික අධ්‍යාපන ආයතනයට පැමිණියේය.

ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ශාලාවේ පැවති මෙම අවස්ථාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන හා විවෘත විශ්වවිද්‍යාල පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, විභාග කොමසාරිස් ජනරාල් කේ ඩී ධර්මසේන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ අධ්‍යාපන නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment