මාස 03කින් ආණ්ඩුවේ ගැටළු හෙළි කරනවා – හිටපු ජනපති

by admindasun
0 comment 111 views

වත්මන් අර්බුදකාරී තත්ත්වයන් ඇතිවීමට තුඩු දෙන ආණ්ඩුවේ ඇති ගැටළු තව මාස 03කින් හෙළි කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේය.

පසුගියදා කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය අමතමින් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ අතර ඒ අයුරින් එහි සහාය ලබා ගැනීමට වර්තමාන රජය අපොහොසත් වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නම් ඔවුන් සැළකිල්ලට ගන්නේ රටේ ආර්ථික තත්ත්වය පමණක් නොවන බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් කථා කළ සිරිසේන මහතා පැවසුවේ ජාත්‍යන්තර ආයතනවලට සහයෝගය ලබා ගැනීමට නොහැකි ගැටළු රැසක් ඇති අතර තවත් හෙළි නොකළ කරුණු රැසක් තව මාස 03ක පමණ කාලයකින් හෙළි කිරීමට කටයුතු කරන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment