මේ මොහොතේ සිට මුග්ධ පාලනයට එරෙහිව පෙළ ගැසෙන්න – පෙසප

by admindasun
0 comment 57 views

සීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට රට සති කිමිපයකට වසා දමන ලෙස මහා සංඝරත්නය, සෞඛ්‍ය වෘත්තිකයන් සහ ජනතාව විසින් දිගින් දිගටම ආණ්ඩුවට බල කිරීමට පළිගැනීමක් ලෙස ආණ්ඩුව අද රාත්‍රි සිට රට වසා දැමීමට තීරණය කර ඇති අතර එය කිසිදු සැළසුමකින් සිදු නොකර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කාලයක් ලබා දී නොමැති අතර එමගින් අද හවස ජනතාවට වෙළෙද සැල්වලට එකතු වීමෙන් මහත් අපහසුතාවට පත්වී ඇති බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ නාගමුව මහතා පැවසුවේ රට වසා දැමූ ආකාරය ජනතාවට දුන් දඩුවමක් ආකාරයෙන් සිදු කර ඇති අතර මෙවැනි වගකීම් විරහිත මුග්ධ ආණ්ඩුව පලවා හැරීමට මේ හරහා ජනතාව පෙළ ගැසිය යුතු බවයි.

ජනතාවට රට වසන බව දැනුම් දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර රට වසා දමන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හෝ නිවෙස්වල වාර්තා වන කොවිඩ් රෝගීන් රෝහල්වලට ගෙනයාමට හෝ කිසිදු යාන්ත්‍රණයක් සකස් කිරීමකින් තොරව මෙසේ කිරීමෙන් රෝගය තව උත්සන්න විය හැකි බව ඔහු පැවසුවේය.

රට වසා දමන ලෙස පැමිණි පීඩනයට දඩුවමක් ලෙස රට වසා දැමීම බල්ලොන්ට ලෙලි පොල් ලබාදීමක් වැනි යැයිද නාගමුව මහතා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment