යෝෂිත ඉරාජ්ට ගැහුවාද?

by admindasun
0 comment 132 views

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඉල්ලා අස්වීමට හේතුව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ විසින් වීරරත්න මහතාට කරන ලද පහර දීමක් හේතුවෙන් බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරන බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

තමා අවසන් වරට ඉරාජ් වීරරත්න මහතා හමුවුනේ ටික කලකට පෙර උත්සවයකදී වන අතර ඔහු සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව රාජපක්ෂ මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළ ඉරාජ් වීරරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment