රාජ්‍ය, පෞද්ගලික සේවකයන්ගේ පඩි කපන්න ඇමති ප්‍රසන්නගෙන් යෝජනාවක්

by admindasun
0 comment 116 views

කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස රට වැසීමක් සිදු කරන්නේ නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ වැටුපෙන් බාගයක් පරිත්‍යාග කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ තමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75%ක්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් 50%ක් සහ සුළු සේවක වැටුපෙන් 30%ක් මෙසේ පරිත්‍යාග කරන ලෙසයි.

මාසික වේතනයක් නොලබන ජනතාව වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලෙස ඔහු වැඩි දුරටත් කියා සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment