කොවිඩ් වාට්ටුව මට අලුත් තැනක් නෙමෙයි – වෛද්‍ය ගුණවර්ධන

by admindasun
0 comment 47 views

තමන් මීට පෙරත් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන වාට්ටුවේ සේවය කර ඇති බවත්, එය තමන්ට අලුත් අත්දැකීමක් නොවන බවත් මාධ්‍යයට කොවිඩ් පිළිබද සැබෑ තත්ත්වය හෙළි කිරීමෙන් පසු කරාපිටිය රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ සිට කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවට තාවකාලිකව අනුයුක්ත කර ඇති වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කර සිටී.

තම රෝහලේ කොවිඩ් තත්ත්වය පිළිබදව මාධ්‍යයට කරුණු දැක්වීමෙන් දින දෙකකට පසු කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් මෙසේ වෛද්‍ය ගුණවර්ධන මහතාගේ ස්ථාන මාරුවට අදාළ නියෝගය ලිඛිතව ලබාදී ඇත.

ඒ අනුව දැනට මනෝ වෛද්‍ය ඒකකයේ සේවය කරමින් සිටින වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වහාම ක‍්‍රියාත්මක වන පරිදි සති හතරක කාලයකට කොරෝනා රෝගීන් ප‍්‍රතිකාර ලබමින් සිටින වාට්ටු අංක 36 වෙත මාරු කර යවා ඇත.

කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු අනාවරණය කිරීම නිසා මෙම ස්ථාන මාරුව ලැබුණත්, එය භාරගැනීමට තමා සූදානම් බවත් වෛද්‍ය ගුණවර්ධන පවසියි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment