කොවිඩ් වසංගතය හමුවේ රට තුළ ඇතිවී තිබෙන භයානක තත්ත්වය නොසලකා රට තුළ ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ද්විත්ව පුරවැසිභාවිය හිමි දේශපාලඥයින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට වහාම මෙරටින් පිටුවහල් වන ලෙස බල කරන බව කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පවසයි.
ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රට ගැන සිතට පිරිසක් මේ මොහොතේ ජනාධිපතිවරයාට නිවැරදි තොරතුරු ලබා දිය යුතු වන අතර ජනාධිපතිවරයා වටා සිටින කේවට්ඨයින්ගෙන් ඒ දේ සිදු නොවන බවයි.
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගුණවර්ධන මෙසේ පැවසුවේය.
කොරෝනා මරණ සංඛ්‍යාව 6000 පැන්නීමත් සමග කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුව අපි සකස් කරගෙන තියෙවා. ඒ සදහා අපිට එකමුතුවක් තියෙනවා. මේ විදියට හැමතැනම මිනිස්සු මැරෙනවා. මේවා ජනාධිපතිතුමාට කියන්න කවුරුවත් නැහැ. රටේ මැරෙන රෝගීන්ගේ ඇත්ත තත්වය ජනාධිපතිතුමා දැනගත යුතුයි. අද ඇමැතිවරුන්ට මේවා ගැන කියන්න කොන්දක් නෑ.