මහාචාර්ය චන්න ජයසුමනගේ උපාධිය ගැන මනූෂ ප්‍රශ්න කරයි

by admindasun
0 comment 206 views

කොරෝනා තත්වය උත්සන්නවී නිව්මෝනියා තත්වය ඇතිවූ විට ලබාදෙන බෙහෙතක් ගැන විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී විමසූ විට ඒ පිළිබද සමච්චලයෙන් කතා කරන වෛද්‍ය සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයාගේ උපාධිය පිළිබදවද ප්‍රශ්නයක් තමාට ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

ජීවිතයත් මරණයත් අතර සටනකට පණ අදින, නිව්මෝනියට තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ට ලබාදිය ඖෂධ ගැන ඇසූ විට චන්න ජයසුමන ඇමැතිවරයා කියන්නේ ඉල්ලුමට අනුව සැපයුමක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ බෙහෙත් නැහැ කියන එකනේ. ඇමතිවරයා කියන විදියට ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ නිව්මෝනියා තත්වයට යන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසානේ, යනුවෙන් නානායක්කාර මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මහාචාර්ය ජයසුමන කැළණිය විශ්වවිද්‍යාලයෙන් රජරට විශ්වවිද්‍යාලයට ගොස් හොර පාරෙන් උපාධි ගත්තේදැයි සැකයක් මතුවන බවයි.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා වෙළෙද පොළේ අත්‍යවශය ඖෂධ හිගයක් පවතින අතර ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට බෙහෙත් නොගන්වන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා බවත් කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ අමැතිවරයා මෙසේ පැවසුවේය.

ජීවිතයත් මරණයත් අතර ජනතාව සටන් කරන විට පාර්ලිමේන්තුවේදී වෛද්‍ය සැපයුම් ඇමැතිවරයා උජාරුවෙන් හිනාවෙවී කතා කරනවා. වෛද්‍යවරුන් කියන දේ මොවුන් අහන්නේ නෑ. වෛද්‍ය සංගම් දිගින් දිගටම රට වහන්න කියලා කියද්දී අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නේ නැතිව බලාගෙන ඉන්නේ බිලි පූජාවකට සූදානමින් ඉන්න නිසාද?

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment