සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් සති අන්තයට රට වැසීම පිළිබද අද උදෑසට රැස්වන ජාතික කොවිඩ් කමිටුව සාකච්ඡා කිරීමට නියමිත වුවත් දැනට පවතින තත්ත්වය සැළකීමේදී සති අන්තයට පමණක් රට වසා දැමීම ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිත සන්ධානයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රියා කියා සිටියේ අඩුම තරමේ සති 02ක්වත් විද්‍යානුකූල ක්‍රමයට රට වැසිය යුතු බවයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ පෙර කළ අකාරයට සැළසුමක් නැතිව රට වැසීම නොකළ යුතු අතර ඒ සදහා ප්‍රායෝගික සහ විද්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ සතියක් රට වසා එහි ප්‍රතිඵල තක්සේරු කර දින කිහිපයකින් පසු ඉතිරි රෝගීන් වෙන්කර ගැනීමට නැවත සතියක් රට වසා රෝගය පාලනය කළ යුතු බවයි.
පසුගිය සතිය තුළ රෝගීන් 20,000ක් පමණ වාර්තා වූ අතර දින 04 තුළ වාර්තා වුණු මරණ සංඛ්‍යාව 415කි. ඊයේ දිනයේදීත් මරණ 154ක් වාර්තා වුණු අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේද මරණ 04කට අධික සංඛ්‍යාවක් මෙන්ම හෙද නිළධාරීන් 1,000කට අධික සංඛ්‍යාවක් හා සෞඛ්‍ය සේවකයන් 4,000ක් පමණ ප්‍රමාණයකටද රෝගය වැළදී ඇති බව රත්නප්‍රිය මහතා කියා සිටියේය.
සියලු රෝහල්වල 50%ක ධාරිතාවක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කරන ලෙස රජය විසින් දැනුම් දී ඇතත් පේරාදෙනිය, කරාපිටිය, කළුබෝවිල, රත්නපුර, අනුරාධපුර වැනි රෝහල්වල ඇදන්වලට වඩා විශාල රෝගීන් සිටින අතර ඔවුන්හට ප්‍රතිකාර ලබාදීම ඉතා අපහසු වී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
