කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත් නොමැති අයට 2021 සැප්තැම්බර් මස 15 වන දින සිට පොදු ස්ථානවලට පැමිණිය නොහැකි බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්දු සිල්වා පවසයි.
කොවිඩ් මර්දනය පිළිබදව අද දින රැස්වුණු කමිටුවේදී ගත් තීරණ අනුව පළාත් අතර දැනට පවතින සංචරණ සීමා දැඩි කිරීමටද තීරණය කර ඇති අතර පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද තාවකාලිකව නවතා දැමෙනු ඇත.
පළාත් අතර සංචරණය සදහා අවසර ලැබෙන්නේ සංචාරක, වරාය, ඇගලුම් කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බවත් යුද හමුදාපතිවරයා පවසයි.
රට වසා දැමීමමක් සිදු නොකෙරෙන අතර අවන්හල්, සාප්පු සංකීර්ණ සහ අනෙකුත් වෙළෙද සැල් පවත්වාගෙන යාමේදී සහ එම ආයතන තුළ යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
