ලාෆ්ස් ගෑස් සමාගමෙන් කළ ඉල්ලීමට අනුව එම ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබා දී ඇත.
ඒ අනුව ලාෆ්ස් ගෑස් කි. ග්‍රෑ. 12.5 සිලින්ඩරයක් රු. 363කින් ඉහළ යන අතර නව මිල රු. 1,856ක් වේ. කි. ග්‍රෑ. 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 145කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 743ක් පමණ වන බවත් පාරිභෝගික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ලිට්‍රො ගෑස් සමාගම මේ වන විට ගෑස් මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති අතර දැනට පවතින මිලටම ගෑස් අලෙවි කිරීම සිදු කරන බවයි.
