ඇසට්ලයින් වෙතින් ‘ලීසිං ඇන්ඩ් ලෝන්’

by admindasun
0 comment 45 views

දිවයිනේ නන් ලෙස විහිදී සිටින සෑම තරාතිරමකටම අයත් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවමින් හැම විටිම කරදරයකින් තොර, නව්‍ය සහ පහසුවෙන් ලබා ගත හැකි හැකි ලීසිං අත්දැකීම් ලබාදීම සම්බන්ධයෙන් කීර්ති නාමයක් දරා සිටින ඇසට්ලයින් ලීසිං වෙතින් ලියාපදිංචි වාහන මිලදී ගැනීම සදහාම ‘ඇසට්ලයින් ලීසිං ඇන්ඩ් ලෝන්’ පසුගියදා හදුන්වා දෙන ලදී. දැනට පවතින ආනයන සීමා හේතුවෙන් බ්‍රෑන්ඩ් නිව් වාහන හිගයක් පවතින වටපිටාවක් තුළ පාරිභෝගිකයාගේ වාහන සිහිනය සැබෑ කරමින් තත්ත්වයෙන් උසස් ලියාපදිංචි වාහනයක් මිලදී ගැනීමට මේ යටතේ පාරිභෝගිකයන්ට  අවස්ථාව ලැබෙනු ඇත.

‘ඇසට්ලයින් ලීසිං ඇන්ඩ් ලෝන්’ විසදුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ්හි ප්‍රධානී – ව්‍යාපාරික ලීසිං,  හිරන්ත ජයසිංහ පැවසුවේ තම ලීසිං සහ ලෝන් විසදුම හරහා පාරිභෝගිකයන්ට ද්විත්ව තේරීමක් ලබා දෙන අතර පෞද්ගලික වාහනයකට මෙන්මතමාගේ ව්‍යාපාරයට අවශ්‍ය කුඩා ට්‍රක් රථවලටද හොද තත්ත්වයේ ලියාපදිංචි වාහන දැන් පහසුවෙන් මිලදී ගත හැකි බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ කුමන වාහනයක් සදහා වුවද ඇසට්ලයින් වෙතින් ලීසිං පහසුකමක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ අවම ලියකියවිලි ප්‍රමාණයක් වන අතරම අඩුම කාලයකින් අවශ්‍ය මූල්‍ය පහසුකම ලබා දීමට කටයුතු කරන බවයි.

“වාහනය කුමන වර්ගේ වුවද අප ලබා දෙන සේවාවේ සුවිශේෂිත්වය නිසාම පාරිභෝගිකයින් දිනෙන් දින වැඩි වශයෙන් ඇසට්ලයින් හා අත්වැල් බැද ගැනීමට පෙළඹී සිටිනවා. ගනුදෙනුවේ ස්වභාවය වුවත් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මූල්‍ය උපදේශකවරු ලෙස ඇසට්ලයින් සේවය ලබාදීමට හැකි වීම අප ලද භාග්‍යයක්. ‘ඇසට්ලයින් ලීසිං ඇන්ඩ් ලෝන්’ වැඩසටහන හරහා පෞද්ගලික ගනුදෙනුවකරුවන්ට පමණක් නොව ව්‍යාපාරික හෝ ව්‍යාවසාය / ආයතනික ලෙසද ඇසට්ලයින් ලීසිං වෙතින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව තිබෙනවා,” යැයි ජයසිංහ මහතා පවසයි.

ගනුදෙනුවකට වැඩි යමක් හැම විටම ලබා දෙන ඇසට්ලයින් ලීසිං මෙම දීමනවා සමගද ඕනෑම රෝද හතරේ වාහනයක් සදහා ලීසිං පහසුකම් ලබා ගැනීමේදී වාහනයේ ලියාපදිංචිය නොමිලේ සිදු කර දෙන අතර මිනි ට්‍රක් සදහා ලීසිං ලබා ගන්නා පාරිභෝගිකයින් හට පළමු වසර සදහා රක්ෂණය නොමිලේම ලබා දෙයි.

2003 වසරේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ ලීසිං සහකරු ලෙස ක්‍රියා කරන ඇසට්ලයින් ලීසිං, මේ වන දිවයින පුරා ශාඛා 53ක් සමග ක්‍රියාත්මක වන අතර මෙරට ඕනෑම ප්‍රදේශයක වාසය කරන පාරිභෝගිකයෙකුට ඇසට්ලයින් ලීසිං වෙත පහසුවෙන් ප්‍රවිශ්ට වීමේ හැකියාව ඇත. ඒ සදහාම කැපවූ වෘත්තීයමය හැකියාවෙන් උසස් කාර්ය මණ්ඩලයක් සමග නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් කඩිනම් සේවය ලබාදීමට ඇසට්ලයින් ලීසිං හැමවිටම කටයුතු කරයි.

ඕනෑම ලියාපදිංචි වාහනයකට අවශ්‍ය ලීසිං/ලෝන් පැකේජ පිළිබද විස්තර දැනගැනීමට 0114700100 හරහා ඇසට්ලයින් ලීසිං සෘජුවම ඇමතීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇත.

ඇසට්ලයින් ලීසිං අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී අශාන් නිස්සංක මහතා විසින් ඇසට්ලයින් වෙතින් ලීසිං පහසුකම් ලබාගත් පාරිභෝගිකයෙකු වෙත අදාළ වාහනයේ යතුර පිරිනැමූ අවස්ථාව. ඇසට්ලයින් ලීසිං ප්‍රධාන අලෙවි නිළධාරී අජන්ත ප්‍රේමසිරි, ව්‍යාපාරික ලීසිං ප්‍රධානී හිරන්ත ජයසිංහ, අංශ භාර කළමනාකරු (ව්‍යාපාර පරිපාලන) සංඛ ජයම්පති, නියෝජ්‍ය අංශ භාර කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) තිලාන් කුලසූරිය යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

ඇසට්ලයින් ලීසිං ව්‍යාපාරික ලීසිං ප්‍රධානී හිරන්ත ජයසිංහ මහතා විසින් ඇසට්ලයින් වෙතින් ලීසිං පහසුකම් ලබාගත් පාරිභෝගිකයෙකු වෙත අදාළ වාහනයේ යතුර පිරිනැමූ අවස්ථාව. නියෝජ්‍ය අංශ භාර කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) තිලාන් කුලසූරිය මහතාද ඡායාරූපයේ වෙති.

ඇසට්ලයින් ලීසිං නියෝජ්‍ය අංශ භාර කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) තිලාන් කුලසූරිය මහතා විසින් ඇසට්ලයින් වෙතින් ලීසිං පහසුකම් ලබාගත් පාරිභෝගිකයෙකු වෙත අදාළ වාහනයේ යතුර පිරිනැමූ අවස්ථාව.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment