ජංගම එන්නත්කරණ රථ යුධ හමුදාවෙන්

by admindasun
0 comment 36 views

දිලංක ගුණතිලක

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහන් තවත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ජංගම එන්නත්කරණ රථ යෙදවීමට හෙට (12) සිට කටයුතු කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත තුළ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් වෙතගොස් එන්නත් ලබාදීම සඳහා මෙම ජංගම එන්නත්කරණ රථ යොදවන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායම් සහිත ජංගම එන්නත්කරණ රථ 10ක් යෙදවීමට නියමිත බවත් යුද්ධ හමුදාධිපතිවරයා පැවසීය.

එසේම 1906 සහ 0112-860002, ත යන ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය ඇමතීමෙන් මෙම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි විය හැක.

මෙම ජංගම එනන්ත්රණ රථ සඳහා යොදවන ලබන සියළුම පිරිස් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ කටයුතුවල නිරතවක අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ පූර්ණ අධීකෂණය ඇතිව මෙම සිදුකෙරේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment