බොහෝ විට ලබන සතියේ රජය විසින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය, අධ්‍යාපන, විදේශ කටයුතු, ජනමාධ්‍ය, සංචාරක අමාත්‍යංශ වෙනස් වීමට ඉඩ ඇති බවට එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
මෙහිදී දැනට සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කෙරෙනු ඇති බවද, විදේශ කටයුතු අමාත්‍යංශය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ලබා දෙනු ඇතැයිද පැවසේ.
තවද දැනට ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දරණ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වෙනත් අමාත්‍යංශයක් ලබාදී දැනට විදුලිබල අමාත්‍ය ධූරය දරණ ඩලස් අලහප්පෙරුම මහතා එම අමාත්‍යංශයට පත් කෙරන බවද කියවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළ අමාත්‍යවරු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ එම උත්සහයන් ව්‍යර්ථ විය.