අද කොවිඩ් රෝගීන් 2500ට ළගා වෙයි

by admindasun
0 comment 24 views

අද දිනයේදී වාර්තා වුණු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2455ක් බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙසේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2000 සීමාව පසු කිරීමට පටන් ගත්තේ සති 06කට පසුව බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පවතින තත්ත්වය තුළ ජනතාව ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි.

මෙසේ ඉහළ යන රෝගීන් සංඛ්‍යාව පහත හෙළීමට ඇති එකම විසදුම රට වසා දැමීම නම් ඉදිරියේදී එසේ සිදු කිරීමටද සිදු විය හැකි බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment