ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තුන්වන සහ අවසන් පන්දු වාර 20-20 තරගය ජයග්‍රහණය කරමින් මෙම තරගාවලියේ සමස්ථ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මෙය දෙරට අතර පන්දු වාර 20-20 තරගාවලියකදී ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු තරගාවලි ජය ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.
මෙම තරගාවලියේ පළමු තරගය ඉන්දීය පිළ ජයග්‍රහණය කළ අතර දෙවන තරගය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අවසන් තරගය දෙරටටම තීරණාත්මක විය.
අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩුළු 08ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 81ක් පමණි.
පන්දුවට පහර දීමට පිටියට පිවිස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුළු 03ක් දැවී 14 වන පන්දු වාරයේදී ඉන්දියාව ලබාගත් ලකුණු අභිබව යමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.