ඇසට්ලයින් ලීසිං SLIM ජනතා සම්මාන උළෙලේදී ගෙ‍ෟරවයට පාත්‍ර වෙයි

by admindasun
0 comment 332 views

පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් ‘SLIM වසරේ ජනතාවගේ මූල්‍ය සේවා සපයන්නා’ (SLIM Peoples Financial Service Provider of the Year) සම්මානය සදහාවූ නාම යෝජනා අතරට එක් විය.

රට පුරා පිහිටි ශාඛා 53ක් සහිත විශේෂිත ලීසිං සමාගමක් ලෙස ඇසට්ලයින් ශ්‍රී ලාංකීය ලීසිං වෙළෙද පොළේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් ලෙස සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී ඇත. තම සියලු ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට වඩාත්ම සරිලන නව්‍ය සහ විශ්වසනීය මූල්‍ය විසඳුම් නිර්මාණය කරමින් ක්ෂේත්‍රයේ ඉදිරි පෙළේ සිටින සමාගමක් ලෙස  ඇසට්ලයින් ලීසිං මෙරට පුද්ගලයන්ගේ සහ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම ජීවන රටාව යහපත් කිරීමට උර දී  ඇත. තවද ඇසට්ලයින් ලීසිං හැම විටම විශේෂ  අවධානය යොමු කරන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට තම මූල්‍ය සේවා ලබා ගැනීමේ පිවිසුම පහසු  කිරීමටය.

මෙම ජයග්‍රහණය පිළිබදව අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ්හි ප්‍රධාන අලෙවි නිළධාරී අජන්ත ප්‍රේමසිරි මහතා මෙසේ පැවසුවේය. “‘SLIM වසරේ ජනතාවගේ මූල්‍ය සේවා සපයන්නා ලෙස නාම යෝජනා අතරට ඇසට්ලයින් එක් කිරීමට ලබා දුන් සහයෝගය සහ අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරික පාර්ශවකරුවන්ට සහ ඇසට්ලයින් සාමාජිකයින්ට  මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි.”

තව දුරටත් අදහස් දක්වමින් ප්‍රේමසිරි මහතා පැවසුවේ ඇසට්ලයින් ලීසිං සමාගමට පාරිභෝගික සත්කාරය තවදුරටත් වැඩි දියුණු කරමින්  ලීසිං සහ ණය වපසරිය විහිදමින් සිටින කඩඉමකදී  මෙසේ ගෞරවයට පාත්‍ර වීම අතිශයින් කාලෝචිත පමණක් නොව දිරිගැන්වීමක්ද බවයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) 15 වැනි වරටත් මෙවර ‘SLIM ජනතා සම්මාන’ උළෙල සංවිධානය කර තිබූ අතර මෙරට ජනතාවගේ ජීවිතවලට සමීප වෙමින් ඔවුන්ගේ සිත් සතන් ඇද බැඳ තබා ගැනීමට සමත් වුණු සන්නාම සහ පුද්ගලයින් මෙම උලෙළේදී සම්මානයට පාත්‍ර විය. ආයතනික ක්ෂේත්‍රයේ ඉහළින්ම පිළිගත් අලෙවිකරණ උළෙලක් වන මේ උළෙලේදී දිවයින පුරා සිදු කරනු ලබන පිළිගත් සමීක්ෂණයක් ඔස්සේ ජනතාව‌ගේ කැමැත්ත පරිදි සම්මාන ලබන්නන් සහ ඒ සදහා යෝජනා වන නාමයන් තීරණය කෙරේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment