මත්ද්‍රව්‍ය, වැලි ජාවාරම් නවත්වන්න යුධ හමුදාව සීරුවෙන්

by admindasun
0 comment 36 views

දිලංක ගුණතිලක

නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පරිසර හානි සිදුකරමින් කරනු ලබන නීතිවිරෝධී ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත දිවයින පුරා විසිරී ඇති ආරක්ෂක සේනා මූලස්ථාන මඟින් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලැබේ.

ඒ අනුව 2021 වසරේ ජනවාරි සම සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කළ මෙහෙයුම්වලදී ගංජා කිලෝ 284 ග්‍රෑම් 76ක ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝ 745 ක් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සමත් වූහ.

ඊට අමතරව අයිස්, හෙරොයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍යද අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය සමඟ සැකකරුවන් 68 දෙනෙකු ද යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියට භාර දී ඇත.

එසේම නීතිවිරෝධී වැලි ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 171 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට යුද්ධ හමුදාව කටයුතු කර ඇත.

එලෙස අත්ඩංගුවට ගත් පුද්ගලයින් නීති විරෝධී වැලි ජාවාරම සඳහා භාවිත කළ ට්‍රැක්ටර් රථ 57ක්, ටිපර් රථ 07ක්, ඩම්ප් ට්‍රක් රථ 08ක් සහ කරත්ත දෙකක්ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලසීය සහ අදාළ ආයතන වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment