මරණ දඩුවම නියම වී සිටි දුමින්ද සිල්වා නිදහස්

by admindasun
0 comment 105 views

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්වූ නඩු තීන්දුවෙන් මරණ දඩුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ අද දින නිදහස් කෙරුණි.

2011 ඔක්තෝබර් මාසයේ පළාත් පාළන ඡන්ද ව්‍යාපාරය අතරතුර වෙඩි දෙපාර්ශවයේ වෙඩි හුවමාරුවෙන් සිදු කෙරුණු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුවේ 11 වෙනි විත්තිකරු වූ දුමින්ද සිල්වා ඇතුළු තවත් විත්තිරුවන් 04 දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් 2016 සැප්තැම්බර් 08 වන දින මරණ දඩුවම ලබා දුන්නේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ අභියාචනයද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 ඔක්තෝබර් 11 වන දින ප්‍රතික්ෂේප කරන ලදී.

අද දිනයේදී තවත් සිරකරුවන් 93 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණු අතර ඒ අතර එල්ටීටීඊ සැකකරුවන් 16 දෙනෙකුද වන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment