විමල් වීරවංශ මහතා අමාත්‍ය ධූරය දරණ කර්මාන්ත අමාත්‍යංය යටතේ තිබුණු ලංකා පොස්පේට් සමාගම අමාත්‍යවරයාට නොදන්වාම ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයකින් කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරීම සම්බන්ධව විමල් වීරවංශ මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
1974 ආරම්භ කරන ලද පොස්පේට් සමාගම දෙවරක් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවතියද වැඩි කාලයක් එය කර්මාන්ත අමාත්යංශය යටතේ පැවති බව එහි සදහන් වේ.
තවද අවසන් වරට 2015-19 ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍ය ධූරය දුමින්ද දිසානායක මහතා දැරූ අවධියේදී දිගින් දිගටම පාඩු ලැබූ ලංකා පොස්පේට් ආයතනය කර්මාන්ත අමාත්‍යංශය යටතට පත් කිරීමෙන් පසු පසුගිය වසරක කාලය තුළ ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බවත් විමල් වීරවංශ මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේද මෙම ආයතනය තවදුරටත් ලාභ ලබන තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවටත් ඔහු තව දුරටත් එහි සදහන් තර තිබේ.
විමල් වීරවංශ මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
