සංචරණ සීමා මැද සතොස අරින්නේ කාටද?

by admindasun
0 comment 40 views

මේ වන විට ජුනි මස 14 වන දින දක්වා සංචරණ සීමා පනවා ඇති තත්තවයක් තුළ දිවයින පුරා පිහිටි සතොස වෙළෙද සල් විවෘතව තබන බවට වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් බව ජනතාව පවසයි.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ජනතාවට නිවෙස්වලටම වී සිටින ලෙසයි.

එවැනි තත්ත්වයක් තුළ සතොස වෙළෙද සල් විවෘතව තැබීම පිළිබදව පුරාජේරු දෙඩවීම ජනතාවට වැදගත් නොවන බවද ඔවුන් කියා සිටී.

දුරකතන ඇමතුමක් ලබාදී අවශ්‍ය භාණ්ඩ සතොසෙන් ඇණවුම් කිරීමට ජනතාවට පැවසුවද දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සතොස වෙළෙද සල් පිහිටා නොමැති අතර මේ වන විටත් එම සේවාව ක්‍රියාත්මක වන ප්‍රද‌ේශවලද එසේ ඇණවුම් කිරීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවට ජනතාව මැසිවිලි නගති.

රජය විසින් අද දින නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයකට අනුව ලංකා සතොස ලිමිටඩ්, සමුපකාර තොග වෙළෙද සංස්ථාව, පළාත් සභා යටතේ පාලනය වන සේවා සහ කාර්යාල, සියලු සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment