අද උදෑසන සිට දිවයිනේ බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත.
ඒ අතර කැළණ ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා ගම්පහ, මිනුවන්ගොඩ සහ ජා – ඇළ ප්‍රදේශවලද කළු ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා මිල්ලනිය, හොරණ, කළුතර සහ මතුගම ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විට ඇති වී තිබේ.
මේ අතර කොළඹ, ගාල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කරන ලදී.
