සංවර්ධන නිළධාරීහු අනතුරු අගවති

by admindasun
0 comment 225 views

අත්‍යවශ්‍ය ඉල්ලීම් ලබානොදුන්නොත් නුදුරේදීම වෘත්තීය ක්‍රියාමාර්ග වලට ඒළඹෙන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය කියයි.

මේ වනවිට කොවිඞ් වෛරසය විසින් රාජ්‍ය සේවකයින් රැසකගේ ජීවිත උදුරාගෙන ඇත. ඒ අතර සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු සහ එක අභ්‍යාසලාභී උපාධිධාරියකු ඇත. ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා සමස්ත ජනතාවම වසංගතයට ගොදුරු කර ඇත. මෙවැනි තත්වයක් හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් රාජකාරී සදහා කැදවන අතර එම සේවකයින් වෛරසයෙන් මුදවා ගැනීමට අදාළ අවම පහසුකම් නොමැති බව එම මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පසුගියදා ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අයිතීන් ඉල්ලා පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ග අදාළ කිරීමේ උත්සාහයක් පෙනෙන්නට ඇත. මේ වනවිට සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී ලෙස අත්‍යවශ්‍ය ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරන බවත් එම මධ්‍යස්ථානය පැවසුවේය.

මෙම ඉල්ලීම් රාජකාරී ඉටුනොකිරීම ඉලක්ක කොටගෙන නොවන අතර පවතින තත්වය හමුවේ වෛරසයට ගොදුරු නොවී රාජකාරී කිරීමේ ඉල්ලීම් වන බවත් සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය තවදුරටත් පවසයි.

මෙම ඉල්ලීම් අතර අත්‍යවශ්‍ය සේවා සදහා කැදවන සියලූදෙනාට කොවිඞ් එන්නත ලබාදීම, සැනිටයිසර්, මාස්ක් ඇතුඑ සියලූ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබාදීම, ප‍්‍රවාහන පහසුකම් සියලූ සේවකයින්ට ලබාදීම, අත්‍යවශ්‍ය සේවා සිදුකරන සේවකයින්ට කොවිඞ් අවදානම් දීමනාවක් ලබාදීම, කිරි දෙන මව්වරුන් සේවයට කැදවීමේදී සහනයක් ලබා දීම, 2020/2021 බදවාගත් අභ්‍යාසලාභීන් හදිසි අනුයුක්ත කිරීම් නැවැත්වීම්. ඇතුළු ඉල්ලීම් රැසක් ඒ අතර වේ.

මෙම ඉල්ලීම්වලට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් කොවිඩ් මර්දන කාර්යයේ ඉදිරි‌ පෙළ කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කරන සංවර්ධන නිළධාරීන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම අනිවාර්යයෙන් සිදුවන බවත් එම මධ්‍යස්ථානය කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment