ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 120%කිින්ඉහළට

by admindasun
0 comment 199 views

ඔක්සිජන් සැපයුම සහිතව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව දින 04 ක් ඇතුළතදී 330ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මැයි මස 27 වන දින වන විට 149ක්ව පැවැති ඔක්සිජින් මත යැපෙන කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව මැයි මස 31 වන දින වන විට 330 දක්වා ඉහළ ගොස් ඇති බව තම සංගමයේ නවතම දත්තවලට අනුව පෙනී යන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

මාධය නිවේදනයක් නිකුත් කරමින් තව දුරටත් ඔහු කියා එම දත්තවලට අනුව දින 04ක් ඇතුළත ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 120%ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී තව දුරටත් දැඩි අර්බුදයකට ලක් විය හැකි අතර අසාධ්‍ය රෝගීන් හා මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බවත් වෛද්‍ය ප්‍රනාන්දු පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment