‘මොරටු පුරපති උදහසට ලක් වුවත් දුම්මල වරම අතට අරන් චංචා කරන්නේ වෛද්‍යවරු’

by admindasun
0 comment 98 views

කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත් ලබාදෙන මධ්‍යස්ථානයක් අසල කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පසුගියදා සැමගේ උදහසට ලක්විය.

කැමරාව ඉදිරිපිට සමන්ලාල්ගේ හැසිරීම සාධාරනීයකරණයට නොව මේ කාරනය මුලසිටම දන්න කෙනෙක් නිසා මෙම සටහන තබන්න තීරණය කළෙමි.

මේ සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්නයෙන්ම වගකිව යුතුයි.

1947 අංක 16 දරන පනතේ 96 වගන්තිය යටතේ නගරයක සෞඛ්‍ය පිලිබද බලධාරියා මහ නගර සභාවේ නගරාධිපතිවරයා වේ.

නාගරික ඉංජිනේරු, නාගරික කොමසාරිස්, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රියාත්මක කළ යුත්තේ නගර සභාව විසින් 252 වන අධිකාරිය යටතේ ලබා දෙන බලතලයි.

MOH ක්‍රියාත්මක කරන්නේ ද එම බලතලයි.

සෞඛ්‍ය වෛද්‍යවරු නගරයේ පරිපාලනය නොකළ යුතු අතර ඒ සදහා ප්‍රාදේශීය ලේකම් නගර සභාව හා පොලීසිය ඇත.

එන්නත්කරණයේ දොස්තරගේ හා දේශපාලඥයාගේ කාර්‍යභාරය

දොස්තර

  1. එන්නත්කරණ වයස් කාන්ඩය තීරණය කිරීම
  2. එන්නත් කරන ප්‍රදේශය සෞඛ්‍ය නිර්නායක අනුව තීරනය කිරීම
  3. එන්නත් ප්‍රමානය තීරණය කිරීම
  4. එන්නත්කරණයට අවශ්‍ය පහසුකම් ලේඛනයක් සකස් කිරීම‍
  5. එන්නත්කරණයට සහභාගී වන නිලධාරින් සේවකයන් හා ආරක්ශක නිලධාරීන්ගේ ලේඛණය සකස්කිරීම

ප්‍රදේශයේ දේශපාලන අධ්කාරිය
නීතිය අනුව ප්‍රදේශයක සෞඛ්‍ය බලධාරියා අදාළ නගර සභාව හෝ පලාත් පාලන ආයතනයයි. MOH කාර්යාලය ක්‍රියාත්මක කළ යුත්තේ එම නගර සභාව විසින් ලබා දුන් බලතලයි.

1947 අංක 16 දරන මහා නගරසභා පනතේ 96 වගන්තිය
1987 පලාත් පාලන ප්‍රාදේශිය සභා පනතේ 78 වගන්තිය.

  1. වසන්ගත රෝග ඒකකයේ නිර්දේශ මත MOH කාර්‍යාලයේ වෛද්‍යවරුන් නිර්දෙශ කරන ග්‍රාමසේවා වසමේ ග්‍රාමීය කමිටුව එන්නත් කිරීමට පෙරදින රැස්වී මාර්ගයෙන් මාර්ගයට ජනතාව එන්නත් ස්ථානයට පැමිනියයුතු වෙලාව දැනුම් දීම හා එන්නත් දිමට තෝරා ගත් ස්ථානයේ අවශ්‍ය පහසුකම් සකස්කිරීම.
  2. එම වසමට ලැබී ඇති එන්නත් ප්‍රමාණය අනුව වෛද්‍යවරුන් නියමකරන වයස් කාන්ඩයට අංක ලබාදීම.
  3.  එම අංක තිබෙන පුද්ගලයින්ට පමණක් එන්නත් කිරීමට උපදෙස් ලබා දීම.
  4.  යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් ග්‍රාමීය කමිටු සාමජිකයින්ගේ එකගතාව මත එය ඉටුකිරීම.
  5.  අවශ්‍ය පුටු මේස හා කැනපි සකස්කිරීම.
  6. එන්නත් ස්ථානයේ ලේඛන වැඩ සදහා නගර සභාවේ හා ප්‍රාදේශීය ලේකම්කාර්‍යාලයෙ නිලධාරීන්ගේ සහය ගැනීම.
  7. අවශ්‍ය ප්‍රවහන පහසුකම් ලබා දීම.
  8. උපරිම වශයෙන් එන්නත් ස්ථානයක ජනතාව 20 /50 කට වඩා පෝලිම්වල නොසිටින ලෙස ස්ථානය කලමනාකරනය කිරීම.
  9. ස්ථානයේ එකතුවන සායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැරකිරීමට වැඩසටහන සකස්කිරීම.
  10. එන්නත්කරනය නිම කළ පසු එම ස්ථානයේ එන්නත් සිදුකල ප්‍රමානයට අදාල ලියවිල්ල ග්‍රාමීය කමිටුව හා MOH ලා අත්සන්කර මුල් පිටපත MOH ලබාගෙන එහි එක්පිටපතක් පලාත්පාලන ආයතනය හා ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දීම.

අද කෝවිඩ් එන්නත සමග බොහෝ ස්ථානවල නාගරික සෞඛ්‍ය නිලධාරීන් දුම්මල වරම අරන් පිස්සු කෙලිමින් සිටී.

නගරය ගැන ග්‍රාම නිලධාරී වසම ගැන දන්නේ ග්‍රාමසේවක, සමෘද්ධි නිලධාරී PHI සංවර්ධන නිලධාරීන්වන අතර දොස්තරලා ඒ ගැන දන්නේ නැත.

ඒ නිසාම පසුගිය කාලයේ එන්නත් 1000 ක් ගහන්න ගෙනාවත් පෝලිම් වල 3000 ක් පොරකන අයුරු අපට දක්නට ලැබුණි.

කෝට්ටෙ දොස්තරලාත් කිව්වා ඒගොල්ලො වැඩෙ කරන්නම්.කාටවත් එන්න එපා කියලා.

මේ වැඩ අලකිරීමේ තත්වය කෝට්ටෙත් කලා. ඒත් අපි සද්දනොකර ඉවසන් හිටියා. අන්තිමට දොස්තරලා පස්සෙ දොරෙන් ඒගොල්ලන්ගෙ හත්මුතු පරම්පරාවටම එන්නත් ගැහුවා. පැය ගානක් පෝලිමේ හිටිය මිනිස්සු දේශපාලනයට බැන බැන ගෙදර ගියා.

ඒ නිසාම වසංගත විද්‍යා අංශයෙන් නියම කරන ග්‍රාම සේවා වසම්වල ජනතාවට පමණක් එන්නත් කිරීමට ග්‍රාමීය කමිටු සම්බන්ධීකරනයෙන් ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස්කරන ලදි.ඒ අනුව එන්නත්කරනය කරනු ලබන ග්‍රාමසේවා වසමේ අදාල වයස් කාන්ඩය අනුව පාරෙන් පාරට ජනතාව 100 ක කන්ඩායම් වශයෙන් ගෙන්වීමට තීරනය කරනලදි. එමගින් අනවශ්‍ය තදබදය වැඩිවෙලා පෝලිම්වල සිටීමෙන් වන අපහසුතා මගහැරෙනු ඇත.

සමන්ලාල් ප්‍රනාන්දු සිදු කලේ විල්ලෝරාවත්ත බටහිර ග්‍රාමසේවා වසමට අදාල ජනතාවට කලින් දවසේ ගොස් පාරෙන් පාරට පැයෙන් පැයට අංක දීමයි. ඒ අංක දුන් අය කොහේ අයද ගමේ අයද කියල හොයල බලන්න පුලුවන්.

නමුත් දොස්තර නෝනා එන්නත් දෙන්න එන්න කියල මුලු ගමේම ලවුඩ්ස්පීකර් බැදගෙන ප්‍රචාරය කලා.විල්ලෝරාවත්තේ විතරක් නෙවෙයි මොරටුවේ හැම තැනින්ම සෙනග ආවා. දොස්තර කොන්දොස්තර ගෙ වැඩේ කරල එන්නත් දෙන වැඩේ කළා.

තුන්ඩු පෝලිමයි තුන්ඩු නැති දොස්තරගෙ පෝලිමයි දෙකක් හැදුනා. හොයල බැලුවහම තුන්ඩු නැති පෝලිමට පිට ප්‍රදේශවල ඒගොල්ලන්ගෙ අදුනන අය කීපදෙනෙකුට එන්නත් කරන්න එන්න කියලත් තියෙනව කියල නම නොකියූ MOH කාර්‍යාලයේ නිලධාරියෙක් පවසන ලදි.

සම්න්ලාල් ආවේගෙන් කතා කලා. අන්තිමට දොස්තරලා රටට වැරදි පනිවිඩයක් දුන්නා. සමන් ලාල් බන්ධනාගාරගත උනා..

මේ වගේ වෙන්නේ නගරයක ප්‍රධාන සෞඛ්‍ය බලධාරියෙක් පත්කර නැතිවිටයි. අද කොළඹ මේ වැඩේ පිලිවෙලට යන්නෙ ඒ නිසයි. අනිත් හැම තැනම ගැටුම්. එවිට ඔහු නගරයේ සෞඛ්‍ය සැලසුම සකස්කරනු ලැබේ. නමුත් අද නගරවල සිටින් MOH ලා ඔවුන්ට ඕන ඕන් ආකරයට හිතුමතේ වැඩකිරීම තුලින් මේ අර්බූධ හටගෙන ඇත නගරසභාවලට ප්‍රධාන වෛද්‍ය නිලදාරියෙක් පත් කල විට මේ ගැටලුව නිරාකරනය කල හැක. මේ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ට හා උසස් නිලධරයන්ට කිප වතාවක් කිව්වත වැඩේ කෙරුවෙ නෑ.

කෝට්ටේ MOH නෝනත් මේ වගේම හැසිරෙන්නෙ. නිරෝධනයට හා රෝගයට ගොදුරුවෙලා තියෙන නිවාසවල තොරතුරු නගර සභාවට පොලීසියට ලබාදෙන්නෙ නෑ. නගරසභා සේවකයින් ඒ නිවාසවල කසල ගන්න යනවා. ඒ මගින් නගරයපුරා රෝගය පැතිරීමේ අවධානමක් මතුව ඇත.

මේ දොස්තරලා එක එක න්‍යාය පත්‍ර අනුව වැඩ කරන බව පෙනේ. රටට ආදරේ කරන රට වෙනුවෙන් වැඩකරන දොස්තර දෙවිවරුන් හා සෞඛ්‍ය සේවකයින් සිටින අතර දූශිත සල්ලි පස්සෙම නහින දොස්තර මුදලාලි කීපදෙනෙක් නිසා අද මුලුරටටම නරක තත්වයක් උදා වී ඇත.

නීතිඥ මධුර විතානගේ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment