අස්වැන්නට මිලක් නැතිව එළවළු ගොවීන් හාන්සි

by admindasun
0 comment 12 views

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ රටටම සංචරණ සීමා පනවා ඇති තත්ත්වයක් තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට කටයුතු කරන බවට රජය පැවසුවද තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව මහත් අසීරුතාවට පත්ව ඇති බව රට පුරා ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන එළවළු ගොවීහු මැසිවිලි නගති.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැමිණෙන ජංගම රථ මගින් එළවළු කිලෝවක් රුපියල් 350- 400 වැනි අධික මිල ගණන්වවලට අලෙවි කළද පසුගියදා කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන්ට තම එළවළු කිලෝව රුපියල් 30කටවත් විකුණා ගැනීමට නොහැකි තත්තවයට පත්ව තිබුණි.

කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට විකුණාගත නොහැකිව ගොඩ ගසා ඇති එළවළු ප්‍රමාණය කිලෝ ලක්ෂ 6 ඉක්මවන බව එහි සිටින ප්‍රකාශකයෙක් News Unlimited වෙත පැවසුවේය.

මෙහිදී තම අස්වැන්න මිලදී ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ සකස් කර නොමැති බවට ගොවීහු රජයට චෝදනා කරති.

කෙසේ වෙතත් පසුගිය දිනවල ආර්ථික මධ්‍යස්ථානද වසා දමා තිබුණු අතර රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළේ අද දින සිට රට පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින අතර ඒ සදහා තම අස්වැන්න රැගෙන යාමට සංචරණ සීමා මධ්‍යයේ වුවද ගොවීන්ට කිසිදු බාධාවක් නොමැති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment