පොදුජන පෙරමුණේ මොරටු පුරපති අත්අඩංගුවට

by admindasun
0 comment 75 views

කොවිඩ් මර්දන එනන්තකරණ වැඩසටහනක් අතරතුර සිදු කෙරුණු කලබලකිරීමක් සම්බන්ධයෙන් සැක පිට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේදී මොරටුමුල්ල උතුර ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ සායනයකට පැමිණි ඔහු කලහකාරී අයුරින් කටයූතු කර ඇති අතර ඒ සම්බන්ධව වෛද්‍යවරියක් විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියට ගිය අවස්ථාවේදී නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment