31 සහ 04ත් වැසෙයි, සංචරණ සීමා ජුනි 07 තෙක්

by admindasun
0 comment 78 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ දැනට පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජුනි 07 වන දින තෙක් ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් – 19 සම්බන්ධ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් මීට පෙර සැළසුම් කර තිබූ පරිදි මැයි 31 වන දින සහ ජුනි 04 වන දින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා නිවසින් එක් අයෙකුට පමණක් ළගම පිහිටි වෙළෙද සලට යාම අවසර ලබා දී තිබුණි.

නව තීරණයට අනුව එම අවසරය අවලංගු වන බවත් රජය පවසයි.

කෙසේ වෙතත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙළක් සැළසුම් කර ඇති බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.

ඒ අනුව එළඹෙන ජුනි මස 07 වන දින අළුයම 4.00 දක්වා දැනට පවතින සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment