සජිත් සහ බිරිදටත් කොවිඩ්

by admindasun
0 comment 77 views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

තම බිරිදට කොවිඩ් – 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ හේතුවෙන් සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් පසු ඇයට කොවිඩ් – 19 ආසාධිත බවට තහවුරු වූ අතර ඉන් පසු සජිත් ප්‍රේමදාස මහතාද පීසීආර් පරීක්ෂණයක් සිදු රක තිබේ.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල අද දින නිකුත් වී ඇති අතර ඔහුද එමගින් ආසාධිතයෙකු ලෙස තහවුරු වී තිබුණත් ඔහුට රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව ප්‍රේමදාස මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට දෙදෙනාම රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

මීට පෙරද එක් වතාවත් සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් ආසාධිතයෙකුගේ දෙවන ආශ්‍රිතයෙකු බවට පත් වූ අතර එම අවස්ථාවේදී ඔහුට රෝගය වැළදුනේ නැත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment