දැනට පවතින සංචරණ සීමා මැයි මස 25 වන දින උදේ 4.00 සිට පැය කිහිපයකට ලිහිල් කළද නිවසින් බැහැර විය හැක්කේ එක් අයෙකුට පමණත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පමණක් බව රජය නිවේදනය කළේය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එක් අයෙකු වුවද නිවසට ආසන්නතම අලෙවි සලෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන හැකි ඉක්මනින් නිවසට යා යුතු බවයි.
මැයි 25 රාත්‍රි 11 සිට යළි 28 උදේ 4.00 දක්වා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටියේය.
