සිකුරාදා සිට යළි සංචරණ සීමා

by admindasun
0 comment 54 views

එළඹෙන සිකුරාදා (21) දිනයේ සිට යළි සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

ඒ අනුව මැයි 21 සිකුරාදා දින රාත්‍රි 11 සිට පැනවෙන සංචරණ සීමා මැයි 25 අගහරුවාදා උදේ 4.00ට ඉවත් කෙරෙන අතර යළිත් එදිනම රාත්‍රි 11 ආරම්භ කෙරෙනු ඇත.

යළි සංචරණ සීමා ඉවත් කිරීම සිදු වන්නේ මැයි 28 සිකුරාදා උදේ 4.00ට බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment