කොවිඩ් – 19 වසංගත තත්වය හමුවේ හුදකලා කරනු ලැබූ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දැල්තර බටහිර වසමේ දී රු.5000/- බඩු මලු බෙදා දීමකදී ප්‍රදේශවාසියෙකු විසින් සංවර්ධන නිලධාරිනී නිලූෂි ධර්මසේන මහත්මියට සිදුකර ඇති ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සංවර්ධන නිලධාරීසේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසයි.
පහරදීම සිදුකර ඇත්තේ ලබාදුන් බඩු මල්ලේ රු.5000/-වටිනාකමින් යුත් භාණ්ඩ නොමැති කම මත කුපිත වූ ජනතාව අතරින් එක් පුද්ගලයෙකු බවත්, රු.5000/-, රු.10 000/- බඩු මලු සම්බන්ධයෙන් විවිධ චෝදනා වරින්වර මතුවන අතර එහි අඩංගු අදාළ වටිනාකමට ප්‍රමාණවත් භාණ්ඩ නොවන්නේ නම් හෝ අදාළ බඩු මලුවලින් වංචාවක් සිදුකර ඇත්නම් එයට විරෝධය පල කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලඥයින්ට මිස අවධානම් තත්වය හමුවේ වගකීම් ඉටු කරන රාජ්‍ය නිලධාරීන්ට නොවන බවද චන්දන සූරියආරච්චි පවසයි.
රාජකාරියක් ඉටු කරමින් සිටින මොහොතක සිදුකර ඇති පහරදීමත්, රාජකාරියට බාධා කිරීමත් ඇතුලු කරුණු පිළිබඳව පුලුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපයක් යවමින් ඒ බව දැනුම් දී ඇති බවද සූරියආරච්චි මහතා කියා සිටියේය.
ආණ්ඩුවේ රු.5000/- බඩු මලු බෙදීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය මඟින් නිකුත් කළ චක්‍රලේකයේ අදාළ මඩු මලු බෙදීමේ වගකීම සංවර්ධන නිලධාරීන්ට පවරා නොමැති අතර අදාළ නැති රාජකාරියකට යෙදීම මඟින් මෙම සිදුවීමට මුහුණ දීමට සංවර්ධන නිලධාරිනියන්ට සිදු වූ බවද සංවර්ධන නිලධාරීන් ඇතුලු අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ජීවිත අවධානමකින් තොරව සිය රාජකාරී කිරීමට අවශ්‍ය නිසි පරිසරය සහතික නොකරන්නේ නම් කොවිඩ් රාජකාරීවලින් ඉවත්වීමට කටයුතු කරන බවද ඔහු එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා සිටී.
