‘මන්ත්‍රී වැටුප කොවිඩ් අරමුදලට දී පෙන්වන්න’

by admindasun
0 comment 40 views

හැකිනම් තම මන්ත්‍රී වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර පෙන්වන ලෙස මෙරට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ පසුගියදා කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා රජයට සහයෝගය ලබාදෙන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය දානපතියන්ගෙන් ඉල්ලා සිටි බවයි.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු  ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණු අතර ඒ සදහා සිය මූල්‍යමය දායකත්වය තමන්ට හැකි අයුරින් ලබාදීමට ජනතාව කටයුතු කරනු ඇති බවට ඔවුන් විශ්වාස කරන බවත් විතානගේ මහතා පැවසුවේය.

එහෙත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් වන අතර සමහර මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට මත්පැන් බලපත්‍ර පවා ඇති බව ඔහු පෙන්වා දෙයි.

තවද පවතින කොවිඩ් වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් හා වෙනත් වියදම්ද අඩු වී ඇති බැවින් රජය මුහුණදී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී අවම වශයෙන් මසක හෝ දෙකක වැටුප කොවිඩ් අරමුදල සදහා පරිත්‍යාග කරන ලෙස සියලුම පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් විතානගේ මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment