පසුගිය දින 03 තුළ සංචරණය සීමා කළ අයුරින්ම ඉදිරි දින 10 තුළත් හැකිතාක් සංචරණ කටයුතු සීමා කර කොවිඩ් මර්දන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු පවසන්නේ ඉදිරි දින 10 දීද සෑම කෙනෙකුම තමන්ගේ සංචරණය හැකි උපරිමයකින් සීමා කර අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට පැමිණෙන්නේ නම් දැනට ආරම්භ කිරීමට නියමිත කොරෝනා රෝග ලක්ෂණ නොමැති අය නිවසේ සිට ප්‍රතිකාර කරන සේවාව ශක්තිමත් කර ගැනීමටත්, එම රෝගීන් හට රෝග ලක්ෂණ මතු වූ විට දුරකථනය මගින් අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ සේවාව ස්ථාපනය කර ගැනීමටත් පොදුවේ සාර්ථකව කොරෝනා මැඩලීමටත් එය මහත් පිටුවහලක් වනු ඇති බවයි.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ උපරිම සෞඛ්‍ය ධාරිතාවකින් නිවාරණ සෞඛ්‍ය සේවාවත්, රෝගී ප්‍රතිකාර සලසන රෝහල් පද්ධතියත් උපරිම කාර්යක්ෂතාවයකින් යුතුව මේ මොහොතේ සේවා සලසන අතර මේ සේවා සැලසීමේ දී සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා නොයන අයුරින් කටයුතු කිරීම ඉතා වැදගත් වන බව වෛද්‍ය ප්‍රනාන්දු පවසයි.
තවදුරටත් ඔහු කියා සිටියේ කොරෝනා රෝගය වැළදී ඇති මුත් රෝග ලක්ෂණ නොමැති මෙන්ම පසුබිමේ වෙනත් රෝගාබාද / සංකූලතා නොමැති සහ නිවෙසේ සිට රෝගීයා කළමණාකරනය කිරීමට පහසුකම් සහිත කොරෝනා රෝගීන්, නිවසේ සිට බලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියෙන් ක්‍රියාවට නැගෙමින් පවතන බවයි.
වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු පවසන පරිදි රෝගීන්ට මතුවන ගැටඵ සම්බන්ධව දුරකතනය මගින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී එම රෝගීන් රෝහල් කරා ගෙන්වා ගැනීමටත් අවශ්‍ය කරන කටයුතු මේ අනුව මැයි මස 17 වන සඳූදා සිට ආරම්භ වීමට නියමිත බවයි.
වර්තමානයේ වැඩි වෙමින් පවතින රෝග ව්‍යාප්තිය සහ මරණ අවම කර ගැනීමට මෙය අතිශයින්ම තිරණාත්මක පියවරක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරන බවත් ඔහු කියා සිටියේය.
