රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයින් නිවසේ සිටම ප්‍රතිකාරවලට යොමු කිරීමට රජය තීරණය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
ඒ අනුව එළඹෙන සදුදා (17) සිට නිවසේ සිට ප්‍රතිකාර කරන බවත් ඇමතිවරිය පැවසුවාය.
කෙසේ වෙතත් මෙම රෝගීන්ගේ තත්ත්වය අදාළ ප්‍රදේශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුබද්ධ වෛද්‍ය කණ්ඩායමක් විසින් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර යම් කෙනෙකුට රෝගය උත්සන්න වීමක් හෝ කිසියම් සංකූලතාවක් මතු වුණොත් එවැනි පුද්ගලයින් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කරන ලෙසත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
දිනපතා වැඩිවන කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව සමග රෝහල්වල මේ වන විට ඇති වී තිබෙන තදබදය අවම කිරීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය අද දින මාධ්‍යවලට කියා සිටියේය.
