අඟහරු ග්‍රහයා මත පා තැබූ ලොව දෙවන රට බවට පත්වෙමින් සාර්ථකව තම යානයක් අඟහරු ග්‍රහයා මත පතිත කරවීමට චීනය සමත් විය.
ඒ පසුගිය පෙබරවාරි මාසයේදී ගුවන් ගත කළ යානය අද දින අඟහරුමත ගොඩබැස්සවීමත් සමගය.
අඟහරු මත පා තැබූ ලොව පළමු රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
චීනයෙන් පසුගිය පෙරවාරි මස අඟහරු වෙත පිටත් කර යැවූ රෝවරය චීනයේ වේලාවෙන් අද උදෑසන 7.00ට පමණ අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධ ගෝලයේ Utopia Planitia ලෙස හැදින්වෙන විශාල තැනතලාව මත පතිත වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
චීනයේ පාරම්පරික ගිනි දෙවියෙකුගේ නම සිහිපත් වන පරිදි Zhurong ලෙස නම් කළ රෝවරය එය පතිත වූ ප්‍රදේශය අවට මතුපිට නිරීක්ෂණය කිරීමට නියමිතය.