කොවිඩ් මැද පෝට් සිටි විවාදය ලබන සතියේ

by admindasun
0 comment 26 views

මැයි මස 18 වන දින පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු 19 වන දින පෝට් සිටි විවාදය ඇරඹීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

ඒ අනුව මෙම මස 18, 19 සහ 20 දිනවල පාර්ලිමේන්තුව කැදවීමට තීරණය කළ බවත් ඔහු කියා සිටියේය.

පෝට් සිටි විවාදය පසුගිය පාර්ලිමේන්තු වාරයේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණද ඒ සම්බන්ධයෙන්වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු එම විවාදය කල් තබන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

පෝට් සිටි ‌ආර්ථික කොමිසමට එරෙහිව පනවා තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේ තීන්දුව මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දී ඇති අතර එම තීන්දු මැයි 18 වන දින පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment