GMOA – සෞඛ්‍ය ඇමැතිනී හමුවක්

by admindasun
0 comment 128 views

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද දිනයේ (12) සෞඛ්‍ය අමාත්‍යතුමිය සහ සෞඛ්‍යය අමාත්‍යංශ නිලධාරීන් සමග ඉදිරියේදී කොවිඩ් – 19 වසංගතය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී රාජයට හිතවාදී ඇතැම් පුවත්පත් මාධ්‍ය විසින්, සෞඛ්‍යය ක්ෂේත්‍රය වසංගතය මර්දනයට දක්වන දායකත්වය හා සෞඛ්‍ය සේවකයින්ගේ කැපකිරීම අවතක්සේරු කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳ දැඩි පිළිකුලෙන් යුතුව අප්‍රසාදය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළ කරන ලදී.

වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රශස්ත ලෙස වර්තමාන වසංගතය හමුවේ කළමනාකරණය කිරීමට එහි ප්‍රධානියා අපොහොසත් වීම නිසා උද්ගතව ඇති තත්ත්වය හැකි ඉක්මනින් නිවැරදි කිරීමටත්, ඒ තුළින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසසීමට ලක් වූ ශ්‍රී ලංකාවේ නිවාරණ සෞඛ්‍යය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින් කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment