වසංගත රෝග අංශය කොවිඩ් පාලනයට පණ මදි – GMOA

by admindasun
0 comment 110 views

වසංගත රෝගයක් පැතිරී යන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ප්‍රධානතම ආයතනය ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ වන විට ගෙන යන නිද්‍රාශීලී ස්වභාවය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයෙන් මෙවැනි අවස්ථාවක අවශ්‍ය දේ සිදු කිරීමට නම් එම අංශයේ ප්‍රධානියාගේ සිට ශක්තිමත් කළ යුතු වන බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා අද දින මාධ්‍ය අමතිමින් කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව සමාන්‍යයෙන් වසංගතයක් පවතින අවස්ථාවකදී ඒ පිළිබද අධ්‍යයනය කර රෝගීන් හදුනාගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, දත්ත සිතයම් ගත කර ඒ සම්බන්ධ කටයුතු ශක්තිමක් කිරීම, තාක්ෂණික වශයෙන් රෝග පාලනයට අවශ්‍ය නිර්දේශ බලා දීම, සායනික ප්‍රතිකාර මධ්‍යස්ථාන කමනාකරණය, පරෝකථන ඔස්සේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබදව රජය දැනුවත් කිරීම, එන්නත්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කර රට පුරා ගෙන යාම වැනි දේ සිදුවිය යුතුය.

එහෙත් පසුගිය මාස 17 මුළුල්ලේම එම අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ප්‍රධාන වසංගත විද්‍යාඥවරයාගෙන් හෝ එම අංශයෙන් අදාළ කාර්යය සිදු නොකෙරුනු අතර එය ශ්‍රී ලංකාවේ රෝග නිවාරණය සම්බන්ධයෙන් දක්වන කීර්ති නාමයටද කැළලක් බව වෛද්‍ය ප්‍රනාන්දු පැවසුවවේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ නිසා කොවිඩ් රෝග මර්දන ව්‍යාපාරයක් වෙනමම පිහිටුවන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට මේ වන විටත් දැනුම් දී ඇති බවයි.

බරවා මර්දන ව්‍යාපාරය, ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය, මැලේරියා මර්දන ව්‍යාපාරය වැනි වැඩසටහන් ඔස්සේ අවශ්‍ය කාර්යය හරි හැටි සිදු කෙරුණු අතර එම රෝග මෙරටින් තුරන් කිරීමටද හැකියාව ලැබුණි බැවින් එවැනි වැඩසටහනක් කොවිඩ් රෝග මර්දනයටද අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිර්දේශය බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම රජයේ කොවිඩ් මර්දන කමිටුවද මේ වන විට දැනුවත් කර ඇති බව වෛද්‍ය ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment