හෙට (13) රාත්‍රි 11 සිට 17 වන සදුදා පෙ. ව. 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
ජනරාල් සිල්වා තවදුරටත් පැවසූ පරිදි එළවළු, පළතුරු, ප්‍රවාහන කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රෝහල්වලට ගමන් කරන අයට මෙන්ම බස්නාහිර පළාත තුළ එන්නත් ලබා ගැනීමට ගමන් කරන අයට ඒ සදහා බාධාවක් නොමැති බවයි.
ලබන සදුදා සිට මෙම සංචරණ සීමා යළිත් ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 11 සිට උදෑසන 04 දක්වා පමණක් බවත් අජිත් රෝහණ මහතා පැවසුවේය.
එය මැයි 31 වන දින දක්වා ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියේය.
