කොවිඩ් – 19 වසංගත තත්ත්වය ප්‍රබල ලෙස ඉහළ යාමත් සමග අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල (ICU) පිහිටි ඇඳන් ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කළද ඒ සදහා අවශ්‍ය පුහුණූවලත් හෙද කාර්ය මණ්ඩලයේ හිගයක් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
එක් ICU ඇඳක් සදහා පුහුණු හෙදියන් 12 දෙනෙකු පමණ අවශ්‍ය වන අතර මේ වන විට රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනා දැනට පවතින ICU ඇඳන්වලට යොදවා අවසන් බවත් එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ජාතික සංවිධායක වෛද්‍ය එච්. ඩී. බී. හේරත් The Sunday Morning පුවත්පතට පවසා තිබුණේ මෙරට දැඩි සත්කාර ඒකක 15ක් ඇඳන් 146ක්ද සමග මේ වන විට කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා වෙන් කර ඇති අතර අප්‍රේල් 30 වන දින සවස 2 පමණ වන විට ඉන් ඇඳන් 46ක් පමණ රෝගීන් සඳහා යොදාගෙන තිබූ බවයි.
එසේම ඉතිරි ඇඳන් 100 මේ වන විට වෙනත් රෝගීන් සඳහා යොදාගෙන ඇත.
දිනපතා ICU ඇඳන් අවශ්‍ය වන වෙනත් රෝගීන්ද වාර්තා වන බැවින් කොවිඩ් – 19 නොවන රෝගීන් සඳහා රට පුරා දැඩි සත්කාර ඒකකවල 600ක් ඇඳන් පැවතියද කොවිඩ් රෝගීන් සඳහා ලබා දිය හැකිවී තිබෙන්නේ ඇඳන් 146ක් බවත් වෛද්‍ය හේරත් කියා සිටියේය.
