බංගලින්ට 437ක ඉලක්කයක් දී ලංකාව ඉනිම අත්හිටුවයි

by admindasun
0 comment 27 views

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ශ්‍රී ලංකා පිළ කඩුළු 09ට ලකුණු 194ක් ලබා තිබියදී අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට දෙවන ඉනිමේ පන්දුවට පහර දීමේදී ලකුණු 437ක් ලබා ගත යුතුය.

තරගයේ 04 වන දිනය වන අද දින ලකුණු 72ට කඩුළු 05ක් බිද හෙලීමට බංගලාදේශයේ තයිජුල් ඉස්ලාම් සමත් වුණු අතර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment