කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන එළඹෙන සතියේත් පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේය.
නැවතත් පාසල් ආරම්භ කරන දිනය එළඹෙන සති අන්තයේදී සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි තීරණය කෙරෙන අතර මැයි මස 07 දක්වා පාසල් වසා දැමීමට පමණක් මේ වන තීරණය කර ඇති බවත් ඔහු කියා සිටියේය.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය ඉහළ යන විට පසුගිය සතියේ පාසල් වසා දැමීමට තීරණය කෙරුණු අතර පෙර දැනුම්දුන් ආකාරයට මැයි 03 සිට යළි පාසල් විවෘත කිරීමට නියමිතව තිබුණි.
