ඔන්ලයින් වෙසක් කූඩු තරගයක්

by admindasun
0 comment 231 views

එළඹෙන වෙසක් පොහොය නිමිති කරගෙන මහනුවර ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වන වෙසක් කූඩු තරගයක් සංවිධානය කර ඇත.

මෙම තරගයට ඇතුළත් වීම සදහා ඔබ කළ යුත්තේ ඔබ විසින් නිර්මාණාත්මකව සකසන ලද වෙසක් කූඩුවේ ඡායාරූප culturalafkandy@gmail.com ඊමේල් ලිපනයට මැයි 15ට පෙර එවීමයි.

ජයග්‍රාහකයින් 03 දෙනෙකු තෝරාගනු ලබන අතර ඔවුන්ගේ නම් මහනුවර ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ සාමාජ මාධ්‍ය ජාලාවල පල කරනු ලැබේ.

මේ පිළිබද වැඩි විස්තර 0812223120 දුරකථන අංකය ඇමතීමෙන් හෝ culturalafkandy@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඊමේල් පණිවුඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැකිය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment